තායිලන්තයේ මුදාගත් දරුවන් ප්‍රතිකාර ලබන ඡායාරූප මාධ්‍යයට

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තයේ ගුහාවක සිරවි සිටි වයිල්ඩ් බෝ පාපන්දු කණ්ඩායමේ දරුවන් දොළොස් දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීමෙන් පසු එම දරුවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පළමු ඡායාරූපය මාධ්‍යයට නිකුත් කර ඇත.

එය නිකුත් කර ඇත්තේ තායිලන්ත රජයේ මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තුව විසිනි.

එසේම මෙහි ප්‍රථම වීඩියෝ දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

ගෙවී ගිය දෙසතියේම සමස්ථ ලෝකයම අවධානය යොමු වූයේ දරුවන් මුදා ගැනීමේ සංකීර්ණ මෙහෙයුමට ය. නිකුත් කළ ඩීඩියෝ දර්ශනවලින් රෝහලේ විශේෂ වාට්ටුවක ප්‍රතිකාර ලබන දරුවන් රෝහලේ ඇඳන් මත සිට කැමරාව වෙත තම දිවි ගලවා ගැනීමේ සතුට සහ ජයග්‍රහණය පෙන්නුම් කරන ආකාරය දැකගත හැකිවේ.

මේ දර්ශනවලට අනූව, ඔවුන් මුලින් බේරා ගැනුණු දරුවන් විය හැකි බව වාර්තා වේ.

වෛද්‍ය සහ හෙද කාර්යමණ්ඩලය ද මෙහ දී දැකගත හැකිය. දරුවන්ගේ මව්පියන්ට ඔවුන් සහ එකතුවීමේ අවස්ථාවක් තවමත් ලැබී නොමැත. මෙම දරුවන් සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු පසුගිය ජුනි 23 වැනි දා සිට දින 18ක් ගුහාවේ සිරවී සිටියේය.

දරුවන් සිරවී සිටි කාලයේ සිට ඔවුන්ට ශාරීරික මෙන්ම මානසිකවත්, ධෛර්යවත් කිරීමට පාපන්දු පුහුණුකරු කටයුතු කර තිබුණි.

පුහුණුකරු සම්බන්ධයෙන් ඇතැම් අය චෝදනා එල්ල කළත්, දරුවන්ගේ ආරක්ෂාවට ඔහු ගත් ක්‍රියාමාර්ග ද සමහරුන්ගේ ඇගයීමට ලක්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *