තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ජනපතිගෙන් විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනය පරිදි ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ එම මැතිණිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මැතිතුමා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහය ඊයේ(12) රාත්‍රියේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

එහිදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ එම මැතිණිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය විසින් ඉතා උණුසුම් සහ සුහද අන්දමින් පිළිගනු ලැබීය.

මේ අතර ජයන්ති සිරිසේන මැතිණියගේ ජන්ම දිනය ඊයේ දිනට යෙදී තිබූ අතර, එතුමිය වෙත සිය උණුසුම් සුබපැතුම් පළකළ තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ එම මැතිණිය ජයන්ති සිරිසේන මැතිණිය වෙත විශේෂ ත්‍යාගයක් ද පිරිනැමුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *