නුතන පංච ප්‍රයාම ක්‍රීඩා සඳහා මිලියන 2.5 ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශරීරය හා මනස සමබර කිරීමේ ක්‍රීඩාවක් ලෙස නවීන තාක්ෂණය මුසුවූ “නූතන පංච ප්‍රයාම ක්‍රීඩාව“ (Modern Pentathlon) අපේ රටට ගැලපෙන බව පළාත් පාලන, පළාත් සභා හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ(12) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවති නූතන පංච ප්‍රයාම ක්‍රීඩාව සදහා මිලියන 2.5 වටිනා ක්‍රීඩා උපාංග ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

මේ වන විට රටවල් 100 කට අධික ප්‍රමාණයක් මෙම Modern Pentathlon ක්‍රීඩාව කරන අතර, මෙය අතීතයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කල ක්‍රීඩාවක් වූ අතර වර්තමානයේ “නූතන පංච ප්‍රයාම“ ලෙස ප්‍රචලිතව ඇත. දැනට ලෝක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු ඉහල පරිසාදන මට්ටමක සිටින අතර, 2016 වසරේ දකුණු අසියානු රන් පදක්කම නාවික හමුදාවේ නුවන් කුමාර ක්‍රීඩකයා දිනා ගන්නා ලදි.

දැනට ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 ක් පමණ ක්‍රීඩා කරන අතර, මෙම ක්‍රීඩාව දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මෙම අවස්තාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බුවනෙක හේරත්, අතිරේක ලේකම් කේ.පී.සිරිබද්දන, සැළසුම් අධ්‍යක්ෂිකා කමනී සූරියආරච්චි,ව්‍යාපෘති නිළධාරී නූතන පංච ක්‍රියාම ක්‍රීඩාවේ සභාපති නිශාන්ත පියසේන, ජාතික පුහුණුකරු රුචිර බණ්ඩාර යන මහත්වරු සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *