(කොළඹ, ලංකාපුවත්) –යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කරන ලද ප්‍රකාශයේ පරිවර්තනය එම හඬපට පරික්ෂා කර දෙමළ භාෂාවෙන් හා සිංහල භාෂාවෙන් ලිඛිතව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා රාජය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්ට නියෝග කළේය.
යාපනය වීරසිංහම් ශාලාවේදී පැවති උත්සවයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අධිකරණ නියෝග මත මාධ්‍ය ආයතන වලින් ලබාගත් ශ්‍රව්‍ය හා දෘෂ්‍ය හඬපටවල අඩංගු ප්‍රකාශය ලිඛිතව අවශ්‍ය බව පෙන්වා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් එම නියෝග සිදු කරන ලදි.
එම පරික්ෂණවල ප්‍රගතිය ලබන 20 වනදා වාර්තා කරන ලෙසද නියෝග කෙරුණි.
විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් පසුගිය 02වනදා සිදුකල කතාව සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිංහල ජාතික සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදන්ත හිමියන් විසින් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය පැමිණිල්ල කර තිබේ.