කඳවුරු ඉවත් නොකරන බවට යුද හමුදාවෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – දැනට පවතින කිසිඳු යුද හමුදා කඳවුරක් වසා නොදමන බව යුද හමුදාව අවධාරණය කරයි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිඳු තීරණයක් නොගන්නා බවයි ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

හමුදා කඳවුරු ඉවත් කරන බවට ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රචාර ගෙන යන බව එම නිවේදනයේ සඳහන් ය.

පාලනමය රාජකාරී සඳහා යොදවා සිටින යුද හමුදා භට පිරිස් ඉන් ඉවත් කර වැඩි ප්‍රතිඵලයක් ලැබෙන පරිදි ක්‍ෂේත්‍ර රාජකාරී සඳහා යෙදවීම සිදු කෙරේ. ඔවුන් වැඩි පිරිසක් හදිසි ආපදා තත්ත්වයන් වලදී ක්‍රියාත්මක වීමට සහ ජාතිය ගොඩනැගීමේ කටයුතු සඳහා කාර්යක්ෂමව යෙදවෙනු ඇත. ඒ තුළින් යුද හමුදාවේ කාර්යක්ෂමතාව දෙගුණයකින් ඉහළ යන බව එම නිවේදනයෙන් පෙන්වා දෙනු ලැබේ.

යුද හමුදාව විසින් රටේ ඉදිරිගමන සාර්ථක කරගැනීම සඳහා සිදුකරනු ලබන සේවා සැපයුම් පිළිබද ඇතැම් අවස්ථාවාදි දේශපාලනඥයන් සහ මාධ්‍ය නොයෙකුත් අසත්‍ය මෙන්ම ද්වේෂසහගත තොරතුරු ජනතාවට ඉදිරිපත් කරන බව අදාළ නිවේදනය දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *