ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණයක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින අතර දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ සුළුවශයෙන් වැඩිවීමක් ද අද(16) සහ හෙට (17) දින දක්වා ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වනඅතර සමහර ස්ථාන වලට මි.මී.50 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 50 – 60 දක්වා ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *