මරණ දඩුවම් නියමවූ ලැයිස්තුවේ මුල්තැන කාන්තාවක් – ඇමති තලතා හෙළි කරයි

(කොළඹ, ලංකාපුවත්) – “මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මරණීය දණ්ඩනය නියම වෙලා ඉන්න අයගේ ලැයිස්තුව ගෙනත් බැලුවාම කණගාටුවෙන් කියන්න ඕන ඒකේ මුලින්ම ඉන්නේ කාන්තාවක්“ යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඇමතිවරිය මේ බව කියා සිටියේ ස්වාභාවික ආපදාවන්ගෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමේ වැඩ සටහන යටතේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති චෙක්පත් බෙදාදීමේ වැඩසටහනකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරිය මෙසේ ද කියා සිටියේය.

“අපි භාර ගන්න කොට මේ රට නීති විරෝධී මත් ද්‍රව්‍ය ගෙන්වන කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා මේවාට ඇතැම් නිලධාරීන් සම්බන්ධයි.

මුදලට යට වෙලා තවත් දරුවෙක්ගේ තරුණයෙක්ගේ ජීවිත විනාශ කරන කුඩු එහාට මෙහාට අර ගෙන යනවා නම් මහ ලොකු බෞද්ධකමක් ගැන කථා කළාට වැඩක් නැහැ

රාජ්‍ය අනුග්‍රහය යටතේ ඒ කාලයේ පාතාලය ක්‍රියාත්මක වුණා. කවුරු අකමැති වුණත් නැතත් අපි පාතාලය මර්දනය කරනවා .“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *