අමෙරිකානු – රුසියානු නායකයින්ගේ සාකච්ඡා සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව ඊයේ (16) ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදී පැවැත්වුණි.

පැය 2 කට ආසන්න කාලයක් පැවති රාජ්‍ය නායකයන් දෙපළගේ මෙම හමුව සාර්ථකව අවසන් කෙරුණු බව අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් සදහන් කර ඇත.

පැය දෙකකට ආසන්න කාලයක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රාම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෙම සාකච්ඡාව පැවති බව සදහන් ය.

2016 අමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රුසියාවට එල්ල වන චෝදනා, රාජ්‍ය නායකයින් දෙදෙනා විසින්ම මෙහිදී ප්‍රතික්ෂේප කර තිබෙන අතර අමෙරිකානු ජනාධිපතිවරයා මොස්කව් පාලනය සමඟ සුවිශේෂී සබදතාවක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කර ඇත.

දෙරටේ නායකයින් අතර අද පැවැත්වෙන මෙම සාකච්ඡා ලෝක දේශපාලනයේ සංදිස්ථානයක් වනු ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.

දෙරට අතර පවතින මිත්‍රත්වය සහ සබඳතා පළුඳු නොවී තබා ගැනීම දෙපාර්ශවයේම වගකීම බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *