පේරාදෙණිය ඉංජිනේරු පීඨය යළි දැනුම් දෙන තුරු වැසේ

(කොළඹ, ලංකාපුවත්) –පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය අද(17) උදැසන හයේ සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමා ඇති බව එහි උපකුලපති මහාචාර්ය උපුල්.බී.දිසානායක මහතා පැවසීය.‍

අදාළ පිඨයේ සිසුන්ට විභාග අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් හේතුවෙන් මෙලෙස ඉංජිනේරු පීඨය වසා දැමීමට තීරණය කර තිබේ.

විශ්ව විද්‍යාලයට පැමිණීමේ 80% සම්පුර්ණ කර නොමැති සිසුන් 3%ක් පමන සිටින අතර එක් දිනයක්වත් විශ්ව විද්‍යාලයට නොපැමිනි සිසුන් සිව් දෙනෙකු සිටින බවද ඒ මහතා පැවසීය.

සියයට 80 ක් වන පැමිණීම සනාථ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එම සිසුන්ට විභාගය සඳහා පෙනී සිටීමේ අවස්ථාව ලබා නොදීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.

එම තීරණයට එරෙහිව සිසුන් දින කිහිපයක සිට විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත ඇත.

කෙසේ වෙතත් අද සවස 2.00 වන විට ඉංජිනේරු පීඨයේ සියළුම සිසුන්ට විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව ද උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *