කොස්ගම හමුදා කඳවුරේ පිපිරීම සම්බන්ධයෙන් 14කට විනයානුකූල පියවර

(කොළඹ, ලංකාපුවත්) – 2016 වසරේ ජුනි මස 5 වැනි දා රාත්‍රියේ කොස්ගම සාලාව යුද්ධ හමුදා කඳවුරේ පතරොම් ගබඩාව තුළ පිපිරීමක් ඇති වී අනතුරුව මහා විශාල ගින්නක් සමඟ සිදු වු මහා විනාශය සම්බන්ධයෙන් එම අවස්ථාවේ එම කඳවුරේ සිටි නියෝජ්‍ය සේනා විධායක බ්‍රි‍ගේඩියර්වරයා ඇතුළු හමුදාවේ දාහතර දෙනකු සම්බන්ධයෙන් විනයානුකුල ක්‍රියා මාර්ග ගැනිමට යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා නියෝග කර තිබේ.

එදින එම කඳවුරේ නියෝජ්‍ය සේනාවිධායක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් මහානාද මහතා ඇතුළු දාහතර දෙනකු සම්බන්ධයෙන් මෙම විනායානුකුල කටයුතු කිරීම සිදු වෙයි.

මෙම හමුදා නිලධාරියා ඇතුළු පිරිස එම පිපිරිම ඇති වන අවස්ථාවේ කඳවුරේ සිට ඇත. එම පිපිරිම සහ ඉන් ඇති වු ගින්න පැතිරි යාම වළක්වා එම තත්ත්වය මැඩ පැවැත්විමට භට පිරිස් නිසි පරිදි යොදා නොතිබිම සහ එසේ කටයුතු නොකිරීම එම හමුදා නිලධාරියා ඇතුළු දාහතර දෙනාට එල්ල වී ඇති චෝදනාව වෙයි. මෙම පිපි‍රිමෙන් අනතුරුව යුද්ධ හමුදාපතිවරයා සකස් කරන ලද අවසන් වාර්තාවෙන් මෙසේ නිගමනය කැර ඇති අතර එම වාර්තාවේ සඳහාන් වන පරිදි එම පිපිරීමෙන් කඳවුරේ තිබු වාහන ඇතුළු වෙනත් රාජ්‍ය දේපොළ වලට සිදුවී ඇති හානිය රුපියල් කෝටි 129කට ආසන්න වෙයි.( 12817758614) මෙම පිපිරිමෙන් පුද්ගලික දේපොළවලට සිදු වී ඇති හානිය රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂයකට ආසන්න වෙයි. (11470302) මෙම පතරොම් ගබඩාවේ පිපිරීම ඇති විමට හේතුව රජයේ රස පරික්ෂක වාර්තාව අනුව අනාවරණය වෙයි.

එම වාර්තාව තවමත් ලැබි නොමැති බව පැවසේ. මිට අමතරව එම පිපිරිම ඇති වු අවස්ථාවේ ඉන් මිය ගිය සෙබළ ජානක චමින්ද සම්බන්ධයෙන් වෙනම පරික්ෂණයක් පැවැත්විමටද යුද හමුදාපතිවරයා සිය අවසන් වාර්තාවෙන් තිරණය කැර ඇත.

‍සාලාව කඳවුරේ ඇති වු පිපිරිම සම්බන්ධයෙන් රස පරික්ෂකවරයා විසින් සිදු කරනු ලබන පරීක්ෂණයට අමතරව පත් කරන ලද නිලධාරින් පිරිසක් විසින් පරික්ෂණයක් සිදු කරනු ලැබිණි. එම මුලික පරික්ෂණ උසාවි වාර්තාව හමුදාපතිවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව හමුදාපතිවරයා විසින් අවසන් වාර්තාව සකස් කරනු ලබයි.

එම වාර්තාවේ සඳහන් වන පරිදි යුද්ධ හමුදාවේ නිති අංශය මඟින් හමුදා නිලධාරියා ඇතුළු පිරිසට විනයානු කුළ පියවර ගැනිම සිදු කරනු ලබයි.

කොස්ගම සාලාව යුද්ධ හමුදා කඳවුරේ පතරොම් ගබඩාව පිපිරි යාමත් සමග එම කඳවුර අවට වර්ග කිලෝමිටර් ගණනාවක ප්‍රදේශයක් විශාල විනාශයකට හසු විය. ගේ දෙර යාන වාහන ව්‍යාපාරික ස්ථාන ඇතුළු සියලුම දේ මෙම පිපිරිමත් සමඟ විනාශයට පත් විය .ඒ අවට ගම්මානවල ගම්වැසියන්ට වුන් හිටි තැන් අහිමි විය අඩුම වශයෙන් ළි වල වතුර පවා පානය කිරිමට නොහැකි විය. එපමණක් නොව එම පිපිරිමෙන් කොස්ගම යුද්ධ හමුදා කඳවුර සම්පුර්ණ විනාශයකට පත් වි තිබුණි එහි ගත යුතු කිසිම දෙයක් නොවිය කඳවුරේ තිබු වටිනා සියලු දෙවල් සමඟ එහි හමුදා නිලධාරන්ගේ සහ කොස්ගම එම කඳවුරට අයත් වටිනා ලියකියවිලි සමඟ එම කඳවුරට අයත් වටිනා ‍‍ඓතිහාසික ද්‍රව්‍ය රැසක්ද ඇතුළු සියලු වටිනා සම්පත් සියල්ලම විනාශයට පත් විය.

එම විනාශයෙන් හානියට පත් අවට ගම්මානවල ජනතාවට සිදු වු පාඩුව වෙනුවෙන් රජයට රුපියල් කෝටි දහස් ගණනක් වන්දි වශයෙන් ගෙවිමට සිදු විය.

ගම්මානවල කැඩි බිදි ගිය නිවාස ඇතුළු සියල්ල හමුදා ශ්‍රමයෙන් රජයේ වියඳමින් ඒවා තිබු ආකාරයෙන්ම අලුත් වැඩියා කර දෙනු ලැබිණි. ඇතැම් පුදගලයන් රජයෙන් වියදම් ලබාගෙන ඔවුන් විසින්ම නිවාස කඩ සාප්පු ඇතුලු දේ යළි ගොඩ නගා ගැනිම ඔවුන්ගේ අභිමතය මත සිදු විය.

සිදුවු ව්‍යසනයෙන් පසු මහජන ජිවිතය යළි ගොඩ ගෙන යථා තත්ත්වයට පත්කිරිම පිණිස ප්‍රාදේශිය ලේකම් කාර්යාල පොලිස් ස්ථාන, හමුදා මේජර් ජෙනරාල්වරයකු ගේ අධික්ෂණය යටතේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ සියලු කටයුතු සිදු කිරිම සිදුවිය.

එහෙත් මේ වන විටත් කොස්ගම හමුදා කඳවුර යළි ඉදි කිරිමේ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *