පොලීසියේ ස්ථානාධිපතිවරුන් 3කට ස්ථාන මාරුවීම්

(කොළඹ, ලංකාපුවත්) – පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිෂන් සභවේ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව දළදා මාලිගාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ටී.පී හලන්ගොඩ මහතා පොල්පිතිගම පොලිස් ස්ථානයටත්, පුලස්තිගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.ඩබ්ලිව් බණ්ඩාර මහතා දළදා මාලිගාව පොලිස් ස්ථානයට මාරු කර යවා ඇත.

මල්ලාවි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. එස්. රාජනායක මහතා කැලණිය පොලිස් කොට්ඨාශය වෙත මාරු කර යවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *