රාජ්‍ය බැංකුවල එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා විශේෂ කවුළුවක්

(කොළඹ, ලංකාපුවත්) –එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන රාජ්‍ය හා පෞද්ගලික බැංකු දෙඅංශයේ වාණිජ හා විශේෂ බැංකු සියල්ලම මේ වන විට වේගයෙන් ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා ඒ සඳහාම වූ විශේෂ කවුළු විවෘත කරමින් සිටි.

ඒ අනුව යමින් කොළඹ පිහිටි ලංකා බැංකු මූලස්ථානයේදී සහ මහජන බැංකු මූලස්ථානයේදී ඊයේ (18) උදෑසන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කෙරෙන විශේෂ ගනුදෙනුකාර සේවා කවුළු දෙක මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ගේ ප්‍රධානත්ව‍යෙන් විවෘත කෙරිණි. මේ අවස්ථාවේදී රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමවල ප්‍රතිලාභීන්ට ණය මුදල් පිරිනැමීම ද සිදුකෙරුණි.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, නියෝජ්‍ය ලේකම් චන්ද්‍රා ඒකනායක, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා, මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරි හා සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් යන මහත්ම මහත්මීහු ඇතුළු බැංකු ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීහු හා ගනුදෙනුකරුවෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *