වැල්ලවාය රක්‍ෂිතයක ගින්නක් – අක්කර 04ක් විනාශයි

(කොළඹ, ලංකාපුවත්) – වැල්ලවාය, බටගලකන්ද ගල්කොරිය ගම රක්‍ෂිතයේ හට ගත් හදිසි ගින්නකින් අක්කර 04ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇත.

ඊයේ(19) සවස 02.00ට පමණ මෙම ගින්න හට ගෙන තිබේ.

ඒ අනුව වැල්ලවාය පොලීසිය, යුද හමුදා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වූ බව පොලිසිය පැවසීය.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර වැල්ලවාය පොලීසිය මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *