වැලි කන්දකට යටවී පුද්ගලයෙකු මරුට

(කොළඹ, ලංකාපුවත්) –මහියංගණය පොලිස් වසමේ, අක්කර 80 ප්‍රදේශයේදී වැලි ගොඩකට යටවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ(19) සවස 06.20ට පමණ මහවැලි ගඟ අසළ කැණිම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස වැලිගොඩකට යටවී ඇති බව පොලිසිය පැවසීය.

වැලිගොඩට යටවිමෙන් බරපතළ තුවාල ලැබූ අදාල පුද්ගලයා මහියංගණය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ සොරබොර ජනපදය ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.

මහියංගණය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *