නවාස් ෂරීෆ්ගේ වකුගඩු අක්‍රීය වීමේ අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) – සිර දඬුවම් නියමව සිටින පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ වකුගඩු අක්‍රීය වීමේ අවදානමකට මුහුණ පා ඇති බව වෛද්‍ය වාර්තාවකින් හෙළි වීමත් සමග හිටපු අග්‍රාමාත්‍යවරයාව බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙසට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ හෘද ස්පන්දනය අක්‍රමවත්ව සිදුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එසේම ඔහුගේ යූරියා නයිට්‍රිජන් මට්ටම ඉතා භයානක මට්ටමක පවතින බව ද සදහන් වේ.

ඊට අමතරව ඔහු විජලනයෙන් ද පෙළෙන බව එම වෛද්‍යවරුන් පවසා ඇති බව වැඩි දුරටත් පැවසේ.

හිටපු අගමැති ෂරීෆ් සහ ඔහුගේ දියණිය වන මාරියම් නවාස් ෂරීෆ් ලාහෝරයට ගොඩබසින විටදීම පසුගියදා අත්අඩංගුවට ගත්හ. හිටපු අගමැතිවරයාට එරෙහි මූල්‍ය දූෂණ නඩු දෙකකට වැරදිකරු වෙමින් වසර 10 ක සිරදඬුවමක් ඔහුටත්, ඔහුගේ දියණිය මරියාම් ට වසර 07ක සිරදඩුවමකුත් නියම විය.

පකිස්ථාන මාධ්‍ය වාර්තා අනුව, ෂරීෆ් රදවා ඇති සිරගෙය තුළ පවතින දැඩි කොන්දේසි හේතුවෙන් සිරකුඩි තුළ අධික රශ්මියක් පවතින බවත් එබැවින් දහඩිය දැමීම ද අධික බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *