ශ්‍රී ලංකාවට ලකුණු 199 ක විශිෂ්ඨ ජයක්

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරඟාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(23) සමත් විය.

ඒ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 199 කින් ජය ගනිමින්ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියළු ක්‍රීඩකයින් දැවී ලකුණු 338 ක් ලබා ගත් අතර ඊට පිලිතුරු වශයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 124 ක් පමණයි.

දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණු 275ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබා දුන්නේය.

ලකුණු 490 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමට සියළු ක්‍රීඩකයින් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 290 ක් පමණි. දකුණු අප්‍රිකානු දෙවන ඉනිම වෙනුවෙන් තියුනිස් ද බ්‍රයන් ලකුණු 101ක් සහ ටිම්බා බවුමා ලකුණු 63 ක් ලබා ගැනීමට සමත් වුණි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් කඩුලු 06 ක් බිද හෙළු අතර අකිල ධනංජය සහ දිල්රුවන් පෙරේරා කඩුලු 02 බැඟින් බිඳ හෙළීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *