ගාල්ල ක්‍රීඩාංගනය ගැන යුනෙස්කෝව සමඟ විශේෂ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබඳව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව යුනෙස්කෝ සංවිධානයේ මෙරට නියෝජිතයින් සමඟ අද (24) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

අදාළ සාකච්ඡාව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැත්වීමට නියමිත බව වාර්තාවේ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කරන බවට අදහස් පළ වූයේ එහි ඇති අනවසර ඉදිකිරීම් හේතුවෙන් ඓතිහාසික ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් පවතින බවට යුනෙස්කෝ සංවිධානය දැනුම්දීමත් සමඟයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *