ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ්‍රමිකයින්ට නිල ඇදුමක් හදුන්වාදී නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ්‍රමිකයින් සදහා නිල ඇදුමක් හදුන්වාදී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.

විදේශ රැකියා නියෝජිත ආයතන විසින් බදවාගැනීම් කරනු ලබන ශ්‍රමිකයින් සදහාද ඒ ආකාරයේ නිල ඇදුමක් හදුන්වාදීමට නියෝග ලබාදී නොමැති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මේ දිනවල සමාජ ජාල තුළ සැරිසරන කාන්තාවන් පිරිසක් නිල ඇදුමින් සැරසී රැකියා සදහා පිටත්ව යන බවට වන වාර්තාවන් සම්බන්ධයෙන් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ දැඩි අවධානය යොමුවී තිබේ.

කාර්යාංශය විසින් ලබාදෙන පුහුණු පාඨමාලාවලදී විදේශ රැකියා සදහා පිටත්වන විට රටේ හා තමාගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි සුදුසු ඇදුමකින් පිටත්වීම සම්බන්ධයෙන් දැනවත් කිරීම් සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *