දකුණු අප්‍රිකාව පැරදවීම සමග ලංකාව එංගලන්තය සම කරයි

(කොළඹ, ලංකාපුවත්) –දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජය ගැනීම සමග ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 05 වන තැන පසුවන එංගලන්තයේ ප්‍රසාද ලකුණු සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටි.

දෙපිලම මේ වන විට ප්‍රසාද ලකුණු 97 බැගින් ලබා සිටින අතර ඒ අනුව එංගලන්තය 05 වන තැනත් ශ්‍රී ලංකාව 06 වන තැනත් තවමත් රැදී සිටි.

කෙසේ වෙතත් තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ ප්‍රසාද ලකුණු 91 ක් පමණි.

ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජය සමග දකුණු අප්‍රිකාවට ප්‍රසාද ලකුණු 6ක් හිමිවූ අතර ඒ අනුව ඔවුන් මේ වන විට ප්‍රසාද ලකුණු 106 කට හිමිකම් කියයි.

තවමත් ශ්‍රේණිගත කිරීමේ මුල් තැන පසුවන්නේ ඉන්දියාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *