කථානායකතුමා ඊජිප්තුවට

(කොළඹ, ලංකාපුවත්) –කථානායකවරයාගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු නියෝජිතයන් 12 දෙනෙකුගෙන් සමන්විත ධූත පිරිසක් ඊජිප්තුවේ කයිරෝ නුවර බලා පිටත් ව ගියහ.

ඒ ඊජීප්තු පාර්ලිමේන්තුවේ විශේෂ ඇරයුමක් අනුවයි.

මෙම සංචාරය සඳහා කථානායක කරු ජයසුරිය, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂ‍යේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, ජාතික සමගිය හා සහජීවනය පිළිබද රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද යාපා යන මහත්වරුන් සහභාගී විය.

මෙම සංචාරය අතර තුර දෙරට අතර අන්තර් පාර්ලිමේන්තු සම්බන්ධතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේහි කථානායකවරු සහ පාර්ලිමේන්තු නියෝජිතයන් සහභාගී වන සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වෙන බව වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ කථානායකවරයා සහ ඊජිප්තු අග්‍රාමාත්‍ය මුස්තාපා මැග්බූලී අතරද ඊජිප්තුවේ ප්‍රමුඛ පෙළේ ඇමතිවරු ගණනාවක් සමඟ ද ද්වීපාර්ෂික සාකච්ඡා පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *