කොටකෙතන ද්විපුද්ගල ඝාතනයේ දෙවන විත්තිකාරිය නිදහස්

(කොළඹ, ලංකාපුවත්) –රත්නපුර, කහවත්ත කොටකෙතන ද්විපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි දෙවන විත්තිකාරිය චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

ඒ ඇයට එරෙහිව ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙනි.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් අද(25) මෙම නියෝගය ලබා දුන්නේය.

2012 වසරේ දී කොටකෙතන ප‍්‍රදේශයේ පනස් දෙහැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 17 හැවිරිදි දියණිය ඝාතනය කිරිම සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් පොලිස් අත්අඩංගුවට පත් විය. ඔවුන් මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටි.

මෙම සිද්ධියේ පළමු විත්තිකරුට එරෙහි නඩු විභාගය යළිත් නොවැම්බර් පළමු වැනිදා කැඳවන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *