ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) –ග්‍රාමශක්ති වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන “ගම හදන ගමන” වැඩසටහනේ පළමු වැඩසටහන පසුගිය දා පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණු අතර එහි දී ඉදිරිපත් වූ පිරිසිදු පානීය ජල ගැටලූවට කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් පුත්තලම නවගත්තේගම, ආණමඩුව සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති ජනාධිපතිතුමා විසින් දුරස්ථ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ජනාධිපති කාර්යාලයේ සිට ඊයේ(24) පස්වරුවේ විවෘත කරනු ලැබීය.

ජනාධිපතිතුමාගේ උපදෙස් මත වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහනේ මෙහෙයවීමෙන් එම ජල පද්ධති ස්ථාපිත කර තිබේ.

එම අවස්ථාව උත්සව භූමියේ සිටි ජනතාවට සජීවීව දැක ගැනීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ද සලසා තිබුණු අතර උත්සව භුමිය තුළ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් රැදී සිටිමින් ඊට දායකත්වය දැක්වූහ.

නවගත්තේගම ප්‍රාථමික විද්‍යාලය, ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය සහ දංකොටුව මැටිකොටුව නෙඑම් උයන ප්‍රාදේශීය සභාව සතු උයනේ මෙම ප්‍රති ආශ්‍රැතකරණ ජල පද්ධති ස්ථාපනය කර තිබේ.

ජනාධිපතිතුමා සමග මේ අවස්ථාවට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා ද එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *