ඇමති රාජිතට උපහාර පුදයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ලෙස අභිනවයෙන් තේරී පත් වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් සංවිධානය කරන උපහාර උත්සවය හෙට(31) පස්වරු 2.00 ට කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී පැවැත්වේ

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය එක්ව මෙම උපහාර උළෙල සංවිධානය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වෙනු ඇත.

ජනතා සුව සේවාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් තීන්දු තීරණ මෙහිදී ඇගයීමට ලක්කෙරේ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලෝත සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට පත්වුයේ පසුගිය මැයි මාසයේ දී ඒ ජිනීවා නුවර පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සැසිවාරයේ දීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *