දකුණු අප්‍රිකාවට කඩුළු 05ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර දඹුල්ලේ දී ඊයේ(29) පැවැති පළමු එක් දින තරගයෙන් කඩුළු 05ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ඕවර 34කුත්, පන්දු 3කදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 193කට නිමාවීමෙන් පසුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවෝ ඕවර 31කදී කඩුලු 5ක් පමණක් දැවී ශ්‍රී ලංකා සංචාරයේ පළමු ජයග්‍රහණය වාර්තා කළ අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1-0කින් පෙරමුණ ගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ පිතිකරුවන් පස්දෙනකුම ලකුණු 36ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට හැරි යද්දී කුසල් ජනිත් පෙරේරා සහ තිසර පෙරේරා එක්ව මුලු ලකුණු සංඛ්‍යාව 128 දක්වා ඉනිම ඇදගෙන ගියේ 6 වැනි කඩුල්ලට ලකුණු 92ක සම්බන්ධතාවක්ද ගොඩ නගමිනි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 31 ක් අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුණු 196 ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

ඩුමිනි ලකුණු 53 ක් හා පන්දු යැවීමේදී කුසල් ධනංජය ලකුණු 50 කට කඩුළු 5 ක් දවා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *