“කඳුරට නවෝදය” ජනගත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – “කඳුරට නවෝදය” ලෙස කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ නිල පුවත්පත එළි දැක්වීම ලේක් හවුස් ආයතනයේදී අද (30) සිදුකෙරුණි.

අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ සහ අමාත්‍යංශ ලේකම් රංජිනි නඩරාජපිල්ලෙයි මහත්මිය ඇතුළු අමාත්‍යංශ කාර්ය මණ්ඩලය මෙන්ම ලේක්හවුස් ආයතනයේ නිළධාරීන්ද මෙම අවස්ථාවට එක්විය.

“කඳුරට නවෝදය” නිල පුවත්පතේ සිංහල පිටපත් දිණමිණ ජාතික පුවත්පත සමඟින්ද, දමිළ පිටපත තිනකරන් පුවත්පත සමඟ ද මාසිකව සම්පාදනය කර බෙදාහැරීමට නියමිතය.

රජය විසින් සිදුකරණ සංවර්ධන වැඩසටහන් ජනතාව අතරට රැගෙන යාමට අපොහසත් වීම වත්මන් රජය ලද පරාජයක් බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්රසජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා මෙහිදී කියා සිටියේය.

මෙවැනි පුවත්පතක් එළි දැක්වීම තුළින් තම අමාත්‍යංශය මඟින් වැවිලි ප්‍රජාවට සිදුකර ඇති සංවර්ධන කාර්යයන් පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබාදිය හැකි බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *