ජනපති මඩු දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගනී

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ(29) පෙරවරුවේ මඩු දේවස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය.

මන්නාරම රදගුරු එමානුවෙල් ෆර්නෑන්ඩු සහ පරිපාලක පියතුමා වන එමිලියානුන්පිල්ලෙයි පියතුමන්ලා විසින් මෙහිදී ජනාධිපතිතුමා පිළිගත් අතර, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පියතුමන්ලා ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා අතින් ද සමරු තිළිණ පිළිගැන්විණි.

ආගමික වතාවත්වලින් අනතුරුව දේවස්ථානය අවට නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ ජනාධිපතිතුමා එහි සංවර්ධන කටයුතු පිළිබදව සොයා බැලීය.

සිංහල, දෙමළ, මුස්ලිම් විශාල ජනතාවක් අද දින දේවස්ථානය වෙත පැමිණ සිටි අතර ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරතවීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *