ප්‍රියංකා කාටත් හොර රහසේ විවාහ දිවියට

(කොළඹ, ලංකාපුවත්) – බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා මේ වන විට හොලිඩුඩ් පුරයද ජය ගෙන තිබෙනවා. ඒ Quantico හොලිවුඩ් කතා මාලාවේ ප්‍රධාන නිලය ලෙස රංගනය යෙදෙමින්.

මේ අතර ඇය පිළිබඳ වාර්තාවන නවතම සිද්ධිය වන්නේ ප්‍රියංකා ලගදීම යුග දිවියට එළඹෙන බවය. ඒ අමෙරිකාවේ ජනප්‍රිය ගායකයෙක් වෙන නික් ජොන්ස් සමග ය.

එසේම මීට සතියකට පමණ පෙර ඔවුන් දෙදෙනා ලන්ඩන් නුවරදී විවාහ ගිවිස ගෙන තිබෙන බව වාර්තාවේ. විශේෂත්වය වන්නේ ප්‍රියංකා විවාහ වී ඇත්තේ ඇගේ 36 වෙනි උපන්දිනය දවසේ බවද සදහන් ය.

ඇගේ පෙම්වතා ඇයට පැලදු මුද්ද ලන්ඩනයේ Tiffany නැමැති සුපිරි ගණනයේ වෙළද සැලකින් මිල දී ගත් එකක් බවද වාර්තා වේ.

නික් ජොන්ස් මේ වන විට පසුවන්නේ 24වැනි වියෙහි ය.

ප්‍රියංකා – නික් යුවළ හමුව ඇත්තේ 2016 වසරේ දී බව සදහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *