වසර 2020වන විට උතුරේ සියලු බිම්බෝම්බ ඉවත් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියේ වසර 2020වන විට අවසන් කිරීමට අවධානය යොමුව ඇති බව බිම්බෝම ඉවත් කිරීමේ සංවිධාන එකමුතුව සදහන් කරයි.

ජාතික සැළැස්මකට අනුව එය සිදු කිරීමට අදාළ යෝජනාවලියක් රජයට බාරදීමට නියමිතය.

මේ අනුව ඩෑෂ්, සෙලෝට්‍රස්ට්, ශාප්, ආදී සංවිධන අතුළු සංවිධාන 5ක් මෙන්නම ශ්‍රී ලංකා යුද හමුදාවද බ්ම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයට එක්ව සිටි.

අවසන් යුධ සමයේදී වළ දැමු බිම්බෝම්බ, පුද්ගල නාශක බෝම්බ, යුධ ටැංකි නාශක බෝම්බ, උතුරේ තවත් වර්ග කිලෝමීටර් 27ක ඇති බව එම සංවිධාන පැවසීය.

මේ අතර බිම්බෝම් ඉවත් කළ ප්‍රදේශවල මේ වන විට ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කළ ඇති බව බිම්බෝම ඉවත් කිරීමේ සංවිධාන එකමුතුව වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *