ඉරාන ජනපති සමග සාකච්ජාවට සූදානම් බව ට්‍රම්ප් කියයි

(කොළඹ, ලංකාපුවත්) – ඉරාන ජනාධිපති හසන් රවුහානි සමග සාකච්ජා පැවැත්වීමට තමා සූදානම් බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇත.

ඒ සඳහා කිසිඳු පූර්ව කොන්දේසියක් ඉදිරිපත් නොකරන බව ඔහු කියා සිටියි. ජනාධිපති ට්‍රම්ප් මේ බව කියා සිටියේ දෙරටේ නායකයින් එකිනෙකාට තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කරගැනීමෙන් දින කිහිපයකට පසුවය.

ඉරාන ජනාධිපති හසන් රවුහානිට අවශ්‍ය ඕනෑම මොහොතක සාකච්ජා සඳහා තමා සූදානම් බව ද ට්‍රම්ප් පවසා ඇත. අමෙරිකාව හා ඉරානය අතර එදිරිවාදිකම් උත්සන්න වීම ආරම්භ වුයේ, 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ජනාධිපති ට්‍රම්ප් සූදානම් වීමත් සමගය.

කෙසේ වෙතත් අමෙරිකා – ඉරාන ජනාධිපතිවරුන්ගේ හමුවක් සිදුවුවහොත් 1979 ඉරාන විප්ලවයෙන් පසු එවැන්නක් සිදුවන පළමු අවස්ථාව වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *