ජනපතිගේ නියෝජිතයින් පිරිසක් කරුනානිධි බැලීමට යයි

(කොළඹ, ලංකාපුවත්) – රෝගාතුරව සිටින හිටපු තමිල්නාඩු මහ ඇමති එම්. කරුණානිධි මහතාගේ සුව දුක් බැලීමට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියෝජිතයින් පිරිසක් ගොස් තිබේ.

ඊයේ(30) ඔවුන් තමිල්නාඩුවේ කාවේරී රෝහලේ සංචාරයක නිරතව එහි ප්‍රතිකාර ලබන එම්. කරුණානිධි මහතාගේ සුව දුක් සොයා බලු බව ආසියානු ජාත්‍යන්තර පුවත්පත (ANI) වාර්තා කළේය.

කරුනානිධිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යැවු ලිපියක්ද මෙම නියෝජිත පිරිස ද්‍රවිඩ මුන්නේත්‍ර කෂාගම් (DMK) පක්‍ෂයේ වැඩබලන සභාපති එම් කේ ස්ටාලින් වෙත භාරදී ඇති බව සදහන් ය.

කරුණානානිධි මහතා අඩු රුධිර පීඩන තත්ත්වය හේතුවෙන් පසුගිය සතියේ රෝහල් ගත කෙරුණ. මේ වන විට කරුනානිධි මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *