පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය හෙට දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සිව් දින නිල සංචාරයක් සඳහා හෙට(01) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

2016 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී මහලේකම් ධුරයේ වැඩභාරගැනීමෙන් අනතුරුව පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වේ.

මෙම සංචාරය තුළ දී පොදුරාජ්‍ය මණ්ඩල‍යේ මහලේකම්වරිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු රජයේ ඉහළ පෙලේ මැති ඇමතිවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ලන්ඩනයේ පවත්වන ලද 2018 අන්තර් පොදුරාජ්‍ය මණ්ඩලය වෙළෙඳාම වැඩි දියුණු කිරීමේ රාජ්‍ය නායක සමුළුවේ දී එකඟ වූ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම සංචාරයේ දී පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අවධානය යොමු කිරීමට නියමිතව ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලයීය නිල ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙම සංචාරයේ දී අවධානය යොමුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *