දීපිකා පදුකෝන් ඉටි රුවක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සුරූපී බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ගේ රුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් “මැඩම් ටුසේඩ්“ කෞතුකාගාරයේ ඉටි රූ අතරට එක් කිරීමට යන බව වාර්තා වේ.

ලන්ඩන් හි පිහිටි මැඩම් ටුසේඩ් ඉටි රූ කෞතුකාගාරය ලෝකයේ බලවත් පුද්ගලයින්ගේ ඉටි රූ නිර්මාණයට ප්‍රචලිත ස්ථානයකි.

අමිතා බච්චන්, ශාරුක් ඛාන් වැනි බොලිවුඩ් නළුවන් කිහිපදෙනෙක් මෙහි ඉටි රූ ලෙස නිර්මාණය කර ඇති නමුත් තවමත් මෙයට බොලිවුඩ් නිළියකගේ රුවක් එක් කර නොමැත.

ඒ අනුව දීපිකාට එහි පළමුවැන්නිය වීමට වාසනාවන්ත වී තිබේ.

ඒ අනුව ඇයගේ ඉටි රුව ලබන වසරේ මුලදී එළිදැක්වීමට නියමිත බව ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *