ශ්‍රී ලංකන්-මිහින් ලංකා අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා එයාර් ලයින් ගුවන් සමාගම, ශ්‍රී ලංකා කෙටරින් සමාගම සහ මිහින් ලංකා (පුද්ගලික) සමාගම් සම්බන්ධයෙන් සිදු වුවා යැයි කියන අක්‍රමිකතා විමර්ශනය සදහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය තවත් මාස 5 කින් දිර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නියෝග කර ගැසට් පතක් නිකුත් කර තිබේ.

ඒ අනුව 2018 ජුලි 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබු කාලය 2018 දෙසැම්බර් මස 31 දක්වා මෙලෙස දීර්ඝ කර ඇත.

මෙම කොමිෂන් සභාව පිහිටුවනු ලැබුවේ 2018 ජනවාරි 31වනදාය.

ඒ 2006 ජනවාරි මස 31 සිට 2018 ජනවාරි මස 31 දක්වු කාලය තුල එම සමාගම්වල සිදු වු අක්‍රමිකතා විමර්ශනය කිරිමටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *