96 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය අගෝස්තු 03, 04 හා 05 දිනවල දී

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 96 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය අගෝස්තු 03, 04 හා 05 යන දිනවලදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඉන්දුනීසියාවේ ජාකර්තාහිදී අගෝස්තු 18 වනදා ආරම්භ වන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් තේරීම් තරඟය ලෙස සැලකෙන ජාතික ශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750 දෙනෙකු සහභාගී වන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු මහතා පවසයි.

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා දැනට නිර්දේශ වී සිටින ඉඳුනිල් හේරත් හා හිරුණි විජේරත්න ඇරෙන්නට ජාකර්තා තරඟාවලිය සඳහා දැනට තෝරාගෙන ඇති සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික ශූරතාවලිය අනිවාර්ය කර ඇති බව පැවසූ ප්‍රනාන්දු මහතා ආසියානු තරඟාවලියට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් හොඳින් පවතින්නේද යන්න සොයා බැලීම තරඟාවලිය අනිවාර්ය කිරීමේ අරමුණ බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *