පැට්‍රීසියා පෙරේරා ඩොරින් ගෝමස්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අනුග්‍රහය

(කොළඹ, ලංකාපුවත්) – ලෝක ප්‍රවීණයින්ගේ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගීවන විදේශගත ශ්‍රමිකයෙක් වන පැට්‍රීසියා පෙරේරා ඩොරින් ගෝමස් මහත්මියට විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ප්‍රදානය කළේය.

මේ වන විට මාලදිවයිනේ රැකියාවක් කරමින් සිටින පැට්‍රිෂියා පෙරේරා ඩොරීන් ගෝමස් දිගු දුර ධාවන ශූරියක් ලෙස සිය දක්ෂතා වර්ධනය කරගෙන තිබෙන්නේ මාලදිවයිනේ රැකියාව කරමින් සිටියදීය. මාලදිවයිනේ ජාතික වාර්තා අවස්ථා කිහිපයකදීම බිද දමා ඇති ඇය මාලදිවයිනේ සිටින දක්ෂතම දිගු දුර ධාවන ශූරියක වූවාය. පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක ප්‍රවීණයින්ගේ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමට ඇය සුදුසුකම් ලබා තිබුණත් අනුග්‍රාහකයෙක් නොමැතිවීම නිසා ඇයට තරගාවලියට සහභාගීවීමට නොහැකි විය.

එහෙත් මෙවර විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ මැදිහත්වීම මත අනුග්‍රාහකත්වය ලබා දී තිබේ. ඒ අනුව ඇයගේ විදෙස් ගුවන් ගමන් ගාස්තු, නවාතැන් පහසුකම් ඇතුළු සියලුම පහසුකම් වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක අනුග්‍රාහක චෙක් පතක් නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ලබාදුන්නේය.

නමුත් ඇය දිරාගෝ නම් ජංගම දුරකථන සමාගම වසරකට වරක් පවත්වන තරඟයට ඉදිරිපත්වූ ඇය දෙවන වසරේ සිව්වන තැන ද,තෙවන වසරේ තෙවන තැන ද දිනාගෙන තිබේ. පසුව ඇය මාල දිවයින දුර දුවන සංගමයේ සාමාජිකාව වූවාය.කාලයේ ඇවෑමෙන් ඇය මාල දිවයින වටා පැවත්වෙන දුර තරඟ වයස් සීමාවන්ට සීමා නොවී ජයගන්නට විය.

ඇය තායිලන්තයේ ෆුකට් මැරතන් තරගය නියෝජනය කරන්නීය.එහිදී සිය කණ්ඩායමේ පිරිමි ක්‍රීඩකයන් හා ආසන්න දක්ෂතාවයක් දක්වන ඇයගේ දුර දීවීමටමෙන්ම ලංකාවේ ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරඟ නියෝජනය කරන්නට අවස්ථාව ලබාගත්තාය. අනතුරුව ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියාතික මට්ටමින් ලෝකඩ පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගන්නට සමත්වන්නීය.. ඒ අතරම වාර්ශිකව කළම්බු මැරතන් තරඟයට ලංකාවට පවා පැමිණෙන ඇය ජයග්‍රහණ ලබාගෙන තිබේ. ඇය මාල දිවයින තුළ මැරතන් තරගයක හොදම කාලය වාර්තා කළ කාන්තාව ලෙස වාර්තාවක් තබා තිබේ.

ඇයට අනුග්‍රාහකත්ව චෙක් පත ලබාදෙන අවස්ථාවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙසේ පැවසීය.

අද දිනයේදී සුවිශේෂී කාර්යයක් සිදුවෙනවා. ඒ තමයි අපේ රට නියෝජනය කරමින් ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගයකට සහභාගී වන විදේශ ගත ශ්‍රමිකයෙක්ට අපේ අනුග්‍රාහකත්වය ලබාදීම. මාලදිවයින් රාජ්‍යෙය් සේවය කරන පැට්‍රිෂියා මහත්මිය ප්‍රශ්ණ රාශියක් මැද්දේ තමයි මේ ජයග්‍රහණ ලබාගෙන තිබෙන්නේ. තමන්ගේ පියා අසනීපවෙලා මාලදිවයින් රාජ්‍යයට ගෙනත් බෙහෙත් කරන ගමන්, තමන්ගේ ළමුන්ට අධ්‍යාපනය දෙන ගමන් දුවලා පුළුවන් තරම් පුහුණුවීම් කරලා ප්‍රශ්ණ රාශියක් මැද්දේ තමයි ඇය ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක ප්‍රවීණයින්ගේ මළල ක්‍රීඩා තරගාවලිය සදහා සුදුසුකම් ලබා තිබෙනවා. මේ පිළිබද හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමා දැනුවත් කිරීමෙන් පසුව ඇයට ඒ සදහා වැය වන සියලුම වියදම් ගුවන් ටිකට්පත්, නවාතැන්, ලියාපදිංචි ගාස්තු ඇතුළු සියලුම මුදල් කාර්යාංශය මගින් ඇයට ගෙවන්න සභාපතිතුමා තීරණය කරලා තියෙනවා. හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමාටත්, සභාපතිතුමාටත් අවශ්‍යතාවය තේරුම්ගෙන ඇයට මේ මුදල් ලබාදීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත විය යුතුයි.

ඇය විගමණික ශ්‍රමිකයින්ට හොද ආදර්ශයක්. විගමනික සේවකයා වෙනත් රටක සේවය කරනකොට එරට ඉදන් මේ රටට ගෞරවයක් ගෙනෙන එක ඉතාම වටිනවා. ඇයගේ උනන්දුව, කැපවීම පිළිබද අපි ඉතාම සතුටු වෙනවා. ක්‍රීඩාවට බොහෝම ලැදි අයෙක් විදියට හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමා මතක් කරන්න කියලා දෙයක් කිව්වා. ඒ තමයි ඉදිරියේදී ලංකාව නියෝජනය කරන සෑම අවස්ථාවකදීම ලබාදිය හැකි උපරිම සහයෝගය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලෙස ඇගේ අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන බව. ඒක ඉතාම සතුටට කාරණයක්.

මේක විගමණික ක්ෂේත්‍රයටම ලැබෙන බොහෝම වටිනා අවස්ථාවක් ලෙස සලකා ඇයට ලබාදිය යුතු උපරිම සහයෝගය ලබාදීමට තීරණය කළා. ස්පාඤ්ඤය බලා ගමන් කරලා සුභ පණිවුඩයක් රැගෙන එනකොට අපි කටුනායක ගුවන්තොටුපලේදී ඔබව පිළිගන්න බලන් ඉන්නවා. ජයග්‍රාහීව පදක්කමක් රැගෙන එන්න කියලා අපි ඇයට සුභ පතනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *