දකුණු අප්‍රිකාවට කඩුලු 04 ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරඟයෙන් කඩුලු 4 ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් විය. මෙය දකුණු අප්‍රිකානු පිල හමුවේ ශ්‍රී ලංකාව පිට පිට ලැබූ 10 වැනි එක්දින තරග පරාජය ද විය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 42 යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

ක්වින්ටන් ඩි කොක් 87ක් රැස්කළ අතර හෂීම් අම්ලා 43 ක් සහ පෆ්ඩු ප්ලෙසි ලකුණු 49 ක් ලබාගත්තේය.

තරගයේ වීරයා සම්මානය ඩි කොක්ට හිමිවිය.

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2 ට බින්දුවක් ලෙසට දකුණු අප්‍රිකාව ඉදිරියෙන් පසුවේ.

ඊයේ තරගයේදී වේගපන්දු යවන කසුන් රජිත සහ දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය දෙදෙනාම එක්දින තරගවරම් දිනාගැනීම කැපී පෙනුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *