ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ඉල්ලා අස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්ව ඇත.

ඒ මහතා විසින් ඉල්ලා අස්වීමේ ලිපිය අද(02) සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාර දී තිබේ.

හෙතෙම සෞඛ්‍ය අමාත්‍ය රාජීත සේනාරත්න මහතාගේ පත් කිරිම මත 2017 ඔක්තොම්බර් මස 02 වැනිදා මෙම ධුරයෙහි වැඩ භාර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *