LTTE ත්‍රස්ත ජාලය තවමත් ක්‍රියාත්මකයි – මැලේසියාවේ හිටපු පොලිස්පති

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පුරා දශක තුනකට අධික කාලයක් ලේ වැගිරීම් සිදුකරමින් එල්ටීටීඊ ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කරනු ලැබුවත් තවමත් ඔවුන්ගේ දෘෂ්ඨිවාදය සහ ඔවුන්ට අනුකම්පකරන්නන් සිටින බව මැලේසියාවේ හිටපු පොලිස්පති ටන් ශ්‍රී මුසා හසාන් සදහන් කර ඇත.

මැලේසියානු ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය විසින් හිටපු පොලිස්පතිවරයාව සම්මුඛ සාකච්ඡාවකට ලක් කරමින් සකස් කර ඇති ප්‍රවෘත්ති වාර්තාවක මේ බව දැක්වේ.

එල්ටීටීඊ සංවිධානයේ දෘෂ්ඨිවාදය සහ ඔවුන්ට සහය දක්වන්නන් තවමත් සිටීම හේතුවෙන් එය මැලේසියාව ඇතුළු ලොව ඕනෑම රටකට තර්ජනයක් බවද ඔහු පෙන්වා දී තිබේ.

සිංහල බහුතරය විසින් සුළුතර දමිල ජනතාව මැඩලු බව කියමින් ස්වත්‍රන්ත්‍ර පාලනයක් සදහා උතුරේ වෙනම ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීමට එල්ටිටිඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් කටයුතු කිරීම සහ එල්ටිටිඊ සංවිධානය දියත් කළ ප්‍රචාරණ වැඩපිලිවල හේතුවෙන් ඔවුන්ට අවශ්‍ය මුල්‍ය සහය මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින දමිල ජනතාවට ඩයස්පෝරාවේ අනුකම්පාව හිමිවූ බව මැලේසියාවේ හිටපු පොලිස් ප්‍රධානියා අදහස් පලකර ඇත.

2004 සහ 2005 වසරේදී මැලේසියාවේ සිට එල්ටිටිඊ සංවිධානයට අරමුදල් එක් රැස් කිරීමට කටයුතු කල නීතිඥයන් සහ ගණකාධිවරුන් වැනි වෘත්තීය පසුබිමක් සහිත පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද හෙතෙම සදහන් කර ඇත.

” ප්‍රභාකරන් මියගියත් ඔවුන්ගේ ත්‍රස්ත ජාලය තවමත් ක්‍රියාත්මක බව තමන් විශ්වාස කරනවා යැයි මැලේසියාවේ හිටපු පොලිස්පතිවරයා මැලේසියානු පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ජාවේදී ප්‍රකාශ කර ඇති බව සදහන් වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස මැලේසියාව ඇතුළු රටවල් 32ක් තුළ එල්ටීටීඊ සංවිධානය තහනම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *