මනම්පිටිය රෝහල ඉදිකිරීම් ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –මනම්පිටිය රෝහලේ ඉදිකළ බාහිර රෝගී අංශය සහ සායන ගොඩනැගිල්ල ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (02) ජනතා අයිතියට පත්කෙරිණි.

ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 132.25 කි.

බාහිර රෝගී අංශය විවෘත කළ ජනාධිපතිතුමා එහි ප්‍රථම රෝගියා ලියාපදිංචිය ද සිදු කළ අතර ගර්භනී මව්වරුන් 05 දෙනෙකුට පෝෂණ ආහාර මල්ල බැගින් ලබාදීම ද සිදු කළේය.

මේ අවස්ථාවට අමාත්‍ය ෆයසිර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මේ අතර අභිනවයෙන් ඉදිකෙරුණු වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඊයේ (02) පස්වරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

ඒ සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 134 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 10 =