මෝදර වෙඩි තැබීමකින් අයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –මෝදර, මුතුවැල්ල මාවත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් තිබේ.

වෙඩි තැබීම සිදුව ඇත්තේ අද (03) දහවල් 12.50ට පමණ බව පොලිසිය පැවසීය.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය. 62 හැවිරිදි ඔහු ගෝපාල් පිල්ලේ බාලවන්ද්‍රන් නමැති මෝදර පදිංචිකරුවෙකි.

මෙම තුවාලකරු සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ පියෙකු වන බවට කරුණු අනාවරණය වී තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෝදර පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *