විපක්ෂනායක ධුරය ගැන සන්ධානයේ මතය අද කථානායකට

(කොළඹ, ලංකාපුවත්) –විපක්ෂනායක ධූරය පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය අද(06) පස්වරුවේ කථානායකවරයා වෙත බාරදීමට පියවර ගන්නා බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ඒ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම රැස්විම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලු පාර්ශව වලට ආරාධනා කර තිබේ.

ඒ අනුව මෙම රැස්විමේදී විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇත.

ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් විපක්ෂනායකවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පත්කළ යුතු බවට කථානායකවරයාට යෝජනා කර තිබුණි.

ඒ අනුව කථානායකවරයා විසින් ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරුණු විමසා ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *