(කොළඹ, ලංකාපුවත්) – අතෙහි ඇතිවු ආබාධ තත්වය හේතුවෙන් හේතුවෙන් දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසිස්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ඉදිරි එක්දින ක්‍රිකට් තරග 02 හා පන්දුවාර විස්සයි ක්‍රිකට් තරගය අහිමි වනු ඇති බව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
ශ්‍රී ලංකාව සමග නිමා වූ තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ෆෆ් ඩු ප්ලෙසිස් එලෙස ආබාධයට ලක්විය.
ප්ලෙසිස්ගේ ආබාධ තත්ත්වය සුව වීමට තවත් සති 6 ක පමණ කාලයක් ගතවන බව සදහන් වේ.
කෙසේ වෙතත් හෙට(08) පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයට නායක ෆෆ් ඩූ ප්ලෙසිස් වෙනුවට තවමත් ක්‍රීඩකයෙකු නම් කර නොමැත.
බොහෝ විට දකුණු අප්‍රිකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ඩන් ඩී කොක් හෙට තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායමට නායකත්වය ලබා දීමට ඉඩ ඇති බව සදහන් වේ.
දෙරට අතර සිව්වන එක්දින තරගය හෙට දිවා රාත්‍රී තරගයක් ලෙස මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.