සෞඛ්‍ය අමාත්‍යංශය ඔන්ලයින් ක්‍රමයට අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – මින් ඉදිරියට විද්‍යුත් මාධ්‍ය (OnLine) ක්‍රමය මගින් අයදුම්පත් කැදවා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට සෞඛය අමාත්‍යංශය තීරණය කර ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය අගෝස්තු මස අග හෝ සැප්තැම්බර් මස මුලදී පල කිරීමට නියමිතය.

මේ යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් බඳවාගන්නා හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන් හී අභ්‍යාසලාභීන් බඳවා ගැනීම පිළිබඳ තොරතුරු අගෝස්තු මස අග හෝ සැප්තැම්බර් මස මුලදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.health.gov.lk ඔස්සේ සිදු කිරීමට සැළසුම් කර ඇත.

හෙද නිලධාරී, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ, ඹෟෂධවේදී, භෞත චිකිත්සක, වෘත්තීය චිකිත්සක, විකිරණ ශිල්පී, පාසල් දන්ත චිකිත්සක, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී, අක්‍ෂි තාක්‍ෂණවේදී, අංගාදේශක හා ඍජුකරණඥ, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, ඛන්තු රේඛණ ශිල්පී, විද්‍යුත් නිකර්පණ රේඛන සටහන කරු ආදී තනතුරු සදහා මේ අනුව අභ්‍යාසලාභින් බඳවා ගැනීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *