දුම්රිය අනතුරට සම්බන්ධ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – පොල්ගහවෙල දී සිදුවූ දුම්රිය අනතුරට අදාල දුම්රිය රියදුරුවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවන ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් ලබා දී ඇත.

පොල්ගහවෙල සහ රඹුක්කන දුම්රිය ස්ථාන අතර, පනලිය ප්‍රදේශයේ දී ඊයේ(06) සවස සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් මගීන් 30දෙනෙකු පමණ තුවාල ලැබීය.

කොටුව – මහනුවර දුම්රිය, පොල්ගහවෙල සහ රඹුක්කන අතර ප්‍රදේශයේ දී සංඥා ලැබෙන තෙක් නවතා තිබිය දී, සංඥා නොතකා පිටුපසින් ධාවනය වී ඇති කොළඹ – රඹුක්කන දුම්රිය මහනුවර දුම්රියේ පසුපස ගැටීමෙන් අනතුර සිදුවිය.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන තුරු අනතුරට සම්බන්ධ රඹුක්කන දුම්රියේ රියදුරාගේ සේවය තාවකාලිකව අත්හිටුවන ලෙස ඇමතිවරයා, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *