බෝට්ටුවක් අනතුරට – ධීවරයෙක් අතුරුදන්

(කොළඹ, ලංකාපුවත්) –ධීවරයන් රැගත් බෝට්ටුවක් ඊයේ(06) රාත්‍රී අනතුරට ලක්වීමෙන් එක් අයෙකු අතුරුදන්ව තිබේ.

බෝට්ටුව දික්ඕවිට වරාය දෙසට ගමන් කරමින් සිටිය දී නෞකාව ගැටී ඇති බව සදහන් ය. ධීවරයින් තිදෙනෙකු දියේ ගිළී ඇති අතර, ඉන් දෙදෙනෙකු දිවි බේරාගෙන තිබේ.

අතුරුදන් වූ පුද්ගලයා සම්බන්ධයෙන් බෝට්ටුවේ හිමිකරු පොලීසියට පැමිණිලි කර ඇත.

අතුරුදන් වූයේ, කටුනේරිය, තිසේරාපුර, පදිංචි රංජිත් ප්‍රනාන්දු යන අයයි. ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒ නාවික හමුදාවේ සහ ධීවර අමාත්‍යාංශයේ මැදිහත්වීමෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *