ක‍්‍රිස්බ්‍රෝ පූර්ණ පරිසර හිතකාමී නිෂ්පාදන ක‍්‍රියාවලියකට සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) –ක‍්‍රිස්බ්‍රෝ, 100% ක් පරිසරහිතකාමී Go Greenතිරසාර ක‍්‍රියාවලියක් ඔස්සේ සිය නිෂ්පාදන කටයුතු කිරීමට සැළසුම් කර තිබේ. ඒ අනුව ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයට වසර 50 ක් පිරෙන 2022 වසර වන විට සම්පූර්ණ පරිසරහිතකාමී සමාගම් සමූහයක් ලෙස ක‍්‍රියාත්මක වීමට නියමිතයි.

ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදන ක‍්‍රියාවලියේ බොහෝ අංශ දැනටමත් පිරිසරහිතකාමීව ක‍්‍රියාත්මක වන අතර එම සංකල්පයට අනුව; බලශක්තිය ආරක්‍ෂා කිරීම, පරිසර දුෂණය අවම කිරීම, ආර්ථික තිරසාර බව යන කරුණු පදනම් වී ඇත.

“ගොවිපලේ සිට ආහාර මේසය දක්වා”යන සභාපතිතුමා‌‌ෙග් දර්ශනයත් සමග ක‍්‍රිස්බ්‍රෝ ලංකාවේ ඇති කුකුඵ නිෂ්පාදන සමාගම්වලින් 100% ක් පරිසරහිතකාමීව නිෂ්පාදන ක‍්‍රියාවලියක් ආරම්භ කරන ප‍්‍රථම සමාගම වනු ඇත. සුඵ හා මධ්‍ය පරිමාණ කුකුඵ ගොවිපලහිමිටන්ද සම්බන්ධ කරගනිමින් කාබනික නිෂපාදන සදහා කැපවී සිටින සමාගම, සවභාවික නිෂ්පාදන ක‍්‍රියාවලිකට කැපවී සිටියි.

සම්පත් තිරසාරව භාවිතා කරමින් පාරිසරික බලපෑම අවම කිරීම ව්‍යාපාරික සාර්ථකත්වයේ ප‍්‍රධාන සාධකය බව ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාර‌ය් ‌ෙජයෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරස් සෙලා මහතා ප‍්‍රකාශ කරයි. කුකුඵ නිෂ්පාදන කර්මාන්තයේ ඇති ප‍්‍රධාන අභියෝග වන අපද්‍රව්‍ය නිසිලෙස බැහැරකිරීම සහ බලශක්තිය උපරිම ලෙස භාවිතා කිරීම සදහා වගකීමෙන් සහ මූල්‍යමය සාර්ථකත්වයෙන් යුත් විසදුම් දීම අපේ අරමුණ බව ඔහු පෙන්වා දුන්නේය. කුකුඵ නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රයේ ISO41001 තත්ත්ව සහතිකය සමග සහතික 6 ක් ඇති එකම සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ, සෞඛ්‍යාරක්‍ෂිත, උසස් ප‍්‍රමිතියේ හා නවුම් නිෂ්පාදන වෙනුවෙන් කැපවී ඇති බව අමෝරස් සෙලා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කුකුඵ ගොවිපලවල දෛනිකව එකතු වන කුකුථ අපද්‍රව්‍ය Chicken Litterසහ ඉවත් කරන කුකුඵ ශරීර කොටස් Unwanted Chicken Partsපරිසරහිතකාමීව බැහැර කිරීම ප‍්‍රධාන ප‍්‍රශ්ණ වේ. එම ප‍්‍රශ්ණවලටක‍්‍රිස්බ්‍රෝසාර්ථක විසදුම් දෙමින් ප‍්‍රතිචක‍්‍රිකරණය කර නැවත භාවිතා කිරීමට පියවරගෙන ඇත. නව තාක්‍ෂණය යොදාගනිමින් කුකුඵ ශරීර කොටස් කුකුඵ ආහාර නිෂ්පාදනය සදහා යොදාගැනීම මේ වනවිටද ආරම්භ කර එමගින් සිදුවන පරිසරහානිය නවතා ඇත.

කුකුඵ අපද්‍රව්‍ය භාවිතා කර විකල්ප බලශක්තිය Chicken Briquettesනිෂ්පාදය කිරීමේ ව්‍යාපෘතියක් ලබන වසරේදී ආරම්භ කිරීමට සැලසම් කර ඇත්තේ එමගින් සිදුවන පරිසර හානියද නැවතීම සදහායි. ක‍්‍රිස්බ්‍රෝ සමුහයට අයත් Fortune Ago Industries (Pvt.) Ltd විසින් කුකුඵ ආහාර නිෂ්පාදනයට භාවිතා කරන බොයිලේරුවේ දහනයට Chicken Briquettes යොදාගැනීමට බලාපොරොත්තු වේ. දැනට භාවිතා කරන දර වෙනුවට Chicken Briquettes විකල්ප බලශක්තිය භාවිතා කිරීම ක‍්‍රිස්බ්‍රෝ අපේක්‍ෂාවයි. පරිසරහිතකාමී බලශක්ති ප‍්‍රභවයක් භාවිතා කරමින් කුකුඵ ආහාර නිෂ්පාදනය කරන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම සමාගම Fortune Ago Industries (Pvt.) Ltd වනු ඇත.

පරිසරයට ආදරය කරමින් සිය රැකියාව කිරීම සදහා ක‍්‍රිස්බ්‍රෝ සේවකයන් දිරිමත් කරමින්,හරිත සත්කාර පරිසර සම්මානය, නමින් වාර්ෂිකව සම්මානයක් හොදම පිරිසරහිතකාමි සේවා ස්ථානයට පිරිනැමීමට ක‍්‍රිස්බ්‍රෝ කළමණාකාරීත්වය මේ වසරේ සිට ආරම්භ කළේය.

ඒ අනුව බලශක්තිය ආරක්‍ෂා කිරීම සහ පරිසර දුෂණය අවම කිරීම යන ක්‍ෂෙ ්ත‍්‍රවල සැලසුම් විශාල ප‍්‍රමාණයක් දැනටමත් ආරම්භකර ඇති අතර සෙසු සැලසුම් හැකි ඉක්මනින් ක‍්‍රියාවට නැංවීම ක‍්‍රිස්බ්‍රෝ අරමුණ වේ. ක‍්‍රිස්බ්‍රෝ සේවකයන්ගේ සහ අනිකුත් පාර්ශවකරුවන්ගේ Stakeholdersආර්ථික තිරසාර බව ඇති කිරීමේ කටයුතු බොහෝමයක් ද ක‍්‍රියාත්මක කර ඇත.

ඒ අනුව ආයතනික සමාජ සත්කාරක CSRවැඩසටහන් රැුසක් ක‍්‍රියාත්මක කරන අතර,සිසුදිරිය, වැඩසටහන යටතේ ක‍්‍රිස්බ්‍රෝ සේවක සේවීකාවක්ගේ දරුවන්ට ශීෂ්‍යත්ව ලබාදීම, විභාගවලින් ජයගන්නා ළමුන්ට උපකාර කිරීම, පාසල් පොත් හා අනිකුත් උපකරන සැපයීම සුදුකෙරෙයි. ක‍්‍රිස්බ්‍රෝ සම`ග වැඩකරන ගොවි ප‍්‍රජාව සහ සේවා ස්ථාන අවට සිටින ප‍්‍රජාවගේ ළමුන්ට වෘත්තීය පුහුණුව ලබාදීම, රැකියා පුහුණුව ලබාදීම මෙන්ම පාසැල් ආශ‍්‍රිතව වෘත්තීය මාර්ගොපදේශන සහ විවිධ අධ්‍යාපන වැඩ සටහන් සංවිධානය කරයි.

“ප‍්‍රජා අරුණ”වැඩසටහන යටතේ ක‍්‍රිස්බ්‍රෝ සේවක සේවිකාවන්ට නිවාස ඉදිකිරීම සහ අලූත්වැඩියාව සිදුකරන අතර ග‍්‍රාමීය ප‍්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධනයට ප‍්‍රතිපාදන සපයයි. “දිරි සරිය”වැඩසටහන යටතේ ක‍්‍රිස්බ්‍රෝ සමග වැඩකරන සුඵ හා මධ්‍ය පරිමාණ කුකුඵ ව්‍යාපාරිකයන්ට ව්‍යාපරික අවස්ථාව ලබාදෙමින් කළමණාකාර දැනුම, තාක්‍ෂණික දැනුම, ණය පහසුකම් සහ කුකුඵ ආහාර සපයයි. ඒ අනුව ඔවුන්ගේ බ්‍රොයිල කුකුඵලන් ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදන සදහා සපයන අතර ලාභායෙන් කොටස්ද එම ගොවියන්ට ලබාදෙයි. “සුව ශක්ති”වැඩ සටහන යටතේ ක‍්‍රිස්බ්‍රෝ සේවක සේවිකාවන්ගේ නිරෝගීමත්බය වර්ධනයට සෞඛ්‍ය ප‍්‍රතිලාභ සැපයීම සහ සෞඛ්‍ය කදවුරු පැවැත්වීම මෙන්ම ප‍්‍රජා රෝහල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සිදුකෙරයි.

“Crysbro Next Champ” වැඩසටහන මගින් අනාගත ලොව ජය ගන්නා අපේ රටේ දක්‍ෂ තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතියට හදුන්වා දෙමින් ඔවුන්ට අතහිත දීමේ සිදුකෙරන අතර ජාතික සම්මාන උළෙලක් මගින් ඔවුන්ට ඇගයීම සිදුකෙරයි.

මීට වසර 46 කට පෙර ආරම්භ කල ක‍්‍රිස්බ්‍රෝ සමාගම අද වන විට සේවකයන් 1100 කට අධික සංඛ්‍යාවක් සේවය කරන සමාගම් 6 කින් සැදුම්ලත් දැවැන්ත සමූහ ව්‍යාපාරයක් බවට පත්වී ඇත. දිවයිනපුරා ස්ථාන 17 කදී නිෂ්පාදන කටයුතු කරන ශ‍්‍රී ලංකාවේ දැවැන්තම කුකුඵ නිෂ්පාදන කරන සමාගම් සමූහය වන ක‍්‍රිස්බ්‍රෝ වෙළෙ`දනාමය යටතේ කුකු`ඵ නිෂ්පාදන වර්ග 39 ක් වෙළෙ`දපලට ඉදිරිපත් කරයි.

ලෝකයේ උසස්ම තාක්‍ෂණය භාවිතාකරමින් සම්පූර්ණ නිෂ්පාදන ක‍්‍රියාවලිය පරිඝණකගත කර උසස් ප‍්‍රමිතිය, නැවුම්බව, පෝෂණගුණය හා සෞඛාරක්‍ෂිතභාවය පිළිබ`ද විශේෂ සැලකිල්ලක් යොමු කරමින් නිෂ්පාදන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *