දුම්රිය අනතුරින් තුවාල ලැබූවන්ට වන්දි

(කොළඹ, ලංකාපුවත්) –පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරෙන් තුවාල ලැබූවන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම් අබේවික්‍රම සඳහන් කළේය එම දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශයේ නිළධාරීන්ට ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බවයි.

ඔවුන්ට ලබාදිය හැකි උපරිම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවසුවේ.

ඉකුත් 06වනදා පස්වරු 04.30 ට කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියේ ඊට පිටුපසින් පැමිණි රඹුක්කන දක්වා ධාවනය වු බලවේග කට්ටල දුම්රිය ගැටීම නිසා සිදුවු අනතුර හේතුවෙන් මගීන් 32නෙකු තුවාල ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *