දුම්රිය වාර ප්‍රවේශපත්‍රයෙන් ලංගම බස්වල ප්‍රවාහනය නොමිලේ – මගීන් නොසන්සුන් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –වර්ජනය හේතුවෙන් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවලින් නොමිලේ ගමන් කිරීමේ හැකියාව සලසා දී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද(08) සවස ආරම්භ කළ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක ය.

වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී පසුගියදා අනුමත කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් අත්හිටුවා ඇති බවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනුම් දීමත් සමඟ වෘත්තිය සමිති මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය.

දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ අද(08) පස්වරු 03.00 ට ආරම්භ කල මෙම වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියමකවරුන්, පාලකවරුන් සහ රියදුරන් එක්ව සිටින බවය.

මේ අතර කාර්යාල දුම්රිය නොමැති වීම හේතුවෙන් කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැණුනි.

මගීන්ගේ ආවේගශීලි හැසීරීම් හේතුවෙන් කොටුව දුම්රිය පොළේ ඇතැම් පොදු දේපලවලට පවා සුළු සුළු හානි සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *