ද. අප්‍රිකා – ශ්‍රී ලංකා සිව්වන එක්දින ක්‍රිකට් තරඟය අද

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව්වන එක්දින ක්‍රිකට් තරඟය දිවා රාත්‍රී තරඟයක් ලෙස පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (08) පැවැත්වේ.

කරඟ 05කින් සමන්විත තරඟාවලිය 03-0 වශයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කර ඇත.

මේ අතර සිව්වැනි එක්දින තරගයට පෙරාතුව පැවති මාධ්‍ය හමුවට ඊයේ (07) එක්වෙමීන් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ එක්දින තරග වලදී වඩාත් හොඳ තණතීරු මත ක්‍රීඩා කිරීම මගින් ලකුණු 300 ක් හෝ 350 ක් හඹා යා හැකි මට්ටමට පිතිකරුවන්ගේ මනස යළි සකස් කරගත හැකි බවය.

“අවාසනාවකට වගේ අවසන් වරට තිබුණ තරගයේදී (05) අපි ඒ තරම් හොඳට සෙල්ලම් කළේ නෑ. ඒත් හොඳ තණතීරු මත සෙල්ලම් කරනවා නම් බොහෝ වෙලාවට ඉදිරියේදී අපට ලකුණු 300 ක ඉලක්කයක් දෙන්න නැතිනම් ඒ වගේ ඉලක්කයක් හඹා යන්න පුළුවන් වේවි…..කාලයක් යනකොට අපේ පිතිකරුවන් ඒකට හුරුවෙයි”
එක්දින තරගාවලිය මේ වන විටත් පරාජය වී සිටින නමුත් තමන්ගේ ගෞරවය වෙනුවෙන් ඉතිරි තරග දෙකේදී හැකි තරම් හොඳින් ක්‍රීඩා කළ යුතු බවද ඇන්ජලෝ මැතිව්ස් මෙහිදි වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

“අපි අපේ ගෞරවය වෙනුවෙන් ක්‍රීඩා කරන්න ඕන. ඒත් එදා තරගයෙන් අපි කිසියම් දෙයක් ආරම්භ කළා. ඒක දිගටම ගෙනයන්න ඕන…කාලයත් එක්ක ඒකට මුහුණ දෙන්න අපේ අය ඉගෙන ගනීවි. අපි දියුණුවක් ලබන්න නම් ඒ දේ කරන්න වෙනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *