රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද(08) උදෑසන සිය නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ඉන්ද්‍රජිත් නාවින්න මහතා ටෙලිනාට්‍ය රැසකට මෙන්ම චිත්‍රපට කිහිපයකට ද රංගනයෙන් දායක වී තිබේ.

මීට වසර කිහිපයක සිටම මතක ශක්තිය හීනවීමේ ස්නායු ආබාධයකට ගොදුරුව සිටි ඔහු කුරුණෑගල නිකවැරටියේ සිය නිවසේ කාලය ගත කළේ කලා කටයුතු වලින් ඉවත්වය.

නිරානන්දය, ධවල රාත්‍රිය, බැද්දෙ ගෙදර, අඹුදරුවෝ, වන වදුලේ වසන්තය, කටු ඉඹුල ඇතුළු ප්‍රකට ටෙලි නාට්‍ය රැසක ප්‍රධාන චරිත හෙබවූ ඔහු මියයන විට 70 වන වියේ පසුවිය.

නාවින්න මහතා බොහෝ විට අව්‍යාජ ගැමි චරිතවලට පණ පෙවූ අයෙකි. ඒ මහතා තිදරු පියෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *